“ගිනි සිසිල” නර්තනය ප්‍රසංගය 2024 – තෙල්මේ නර්තනය - Leesha TV Lanka

තෙල්මේ නර්තනය – මිහිඳු සහ ගිහාන් (ප්‍රවීන නර්තන ශිල්පීන්)

තෙල්මේ යනු තෙල් සහ මල් යන්නයි. දොළහ දෙවියන්ට තෙල් හා මල් පූජා කිරීමෙ අභිලාෂයෙන් තෙල්මෙ නර්තනය කරයි. දොළහ දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙස සැලකෙන තෙල්මෙ ඇඳුමෙන් සැරසී කපු පත්තිනිවරුන් 7 දෙනෙකු විසින් තෙල්මෙ නර්තනය කරයි. මෙහිදී බෙර වාදකයෝ මඟුල් බෙර වයයි. නර්තකයෝ මඟුල් බෙර අවසානයේ තෙල්මෙ නැටුම ආරම්භ කරයි. ශාස්ත්‍රීය නැටුමක් වූ මෙහි දී නේරංගම හා තෙල්මෙ පද හතක් නටනු ලැබේ. මෙහිදී තෙල්මෙ තටුව රඟ බිමේ මැද තබා නළුවත් එය වටේට නටන සිරිතක් ඇත.සෑම තෙල්මෙ පදයක්ම විලම්භ, මධ්‍ය, ධෘත ලයට නර්තනය කරන අතර මෝසම් පද අලංකාර පද නටා රංගනය කරයි. බර කඩිනම් මෝසම් පද නර්තනය කරන අතර ගමන් මාත්‍ර මඟින් නර්තනයේ විචිත්‍ර භාවය ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් ස්වකීය ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරනු වස් මාලක්කම්, බඹර වළල්ල, පතා විස්ස, කෙටෙල කැපීම යන ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරයි. නර්තනය තාණ්ඩව ස්වරූපයක් ගන්නා අතර තේජවන්ත භාවයක් නර්තනයෙන් ප්‍රදර්ශනය වේ.

Category

Comments (0)